ශරීරයේ නූල් පොටක්වත් නොමැති, විරූපී, කෙට්ටු, නහර පෑදුණු, දුකේ වැටී සිටින යම ලෝකයේ උපන් ප්‍රේතියක් සිටියාය. ඇය මිනිස් ලොව සිටින කාලයේ වස්තුව තිබියදීත් දන් පැන් නුදුන්නාය. පින්කම් නොකළාය.
මනුස්ස ලොවින් චුත ව ප්‍රේතියක ව ඉපදී සිටින ඇයට නිතර පිපාසය ඇති වෙයි. දිය බීමට ගඟට යන නමුත් ගඟ දිස් වන්නේ වතුර සිඳී ගිය වැලිතලාවක් ලෙසය. සුලඟ හමන විට එය ගිනි රස්නයකින් යුක්ත වන අතර ඉන් ඇය පිච්චෙයි.
තමන් විඳින දුක තම මවට දන්වන ලෙස ඇය එක් ස්වාමීන් වහන්සේ නමකට පැවසුවාය. මිනිස් ලොව දී තමා ආරක්ෂා කර තැබූ වස්තුව සැඟවූ තැන පැවසූ ප්‍රේතිය ඒ ධනය වියදම් කර දානයක් දී ඒ පින ඇයට අනුමෝදන් කරන ලෙස ද දැන්වූවාය. මවගේ වියදමට ද කොටසක් ගන්නා ලෙස පවසන ලදි.
ස්වාමීන් වහන්සේ ද ඇයගේ ඉල්ලීම අනුව මව වෙත ගොස් විස්තරය පැවසූ සේක. මව ද ඒ අනුව ක්‍රියා කොට තම පෙර දියණියට පින් අනුමෝදන් කළාය. එයින් ප්‍රේතිය සුවපත් වූ අතර සුන්දර දැකුම්කලු සිරුරක් ද ලැබිණි.