එක් ප්‍රේතයෙක් ගිනි ගත් බොල් වී හිසෙහි විසුරුවා ගන්නේය. ඒ ඔහු පෙර ආත්මයේ තම මවට හිංසා කිරීමේ ආනිසංසයයි. තවත් අයෙක් මුගුරකින් තම හිසට ගසා ගන්නේය. හොර වෙළෙන්දෙක් ලෙස පෙර ආත්මයේ ඔහු දිවි ගෙව්වේය. තවත් ප්‍රේත ස්ත්‍රියක් තමන්ගේ ම මස් ලේ කමින් සිටින්නීය. ඇයට ඒ විපාකය ලැබුණේ පෙර ජීවිතයේ මස් වර්ගයක් අනුභව කර බොරුවෙන් වංචා කළ හෙයිනි.
පෙර ආත්මයේ මනුස්ස ස්ත්‍රියක ව සිටි කාන්තාවක් දේපල වස්තුව තිබියදී ඒවා සැඟවූවාය. ඇය ඒ පවුලේ අධිපති ගෘහණියයි. යමක් ඉල්ලා සිටි කෙනෙකුට කිසි දෙයක් නුදුන් මේ කාන්තාව නිවසේ ඒවා නැති බවත්, එසේ තිබේ නම් තමා කන භෝජන අසූචි වේවායි දිව්රුවාය. මිනිස් ලොවින් චුත වූ ඇය දන් නුදුන් නිසාත්, බොරු කීමත් යන කර්මවල විපාක ලෙස ප්‍රේතියක ව ඉපදුණාය. සුවඳ ඇල් හාලේ බත් ඇය ඉදිරියේ අසූචි බවට පත්වේ. ඒ නිසා ඇය පණුවන් උතුරන අසූචි කන්නීය.