Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

පිහි පූජා කර නිවන් දකින තෙක් මෙ තරම්
ආනිසංස ලැබේ යැයි ඔබ සිතුවා ද

පිළින්දිවච්ඡස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 – පිටු අංක 566 - 567)

හංසවතී නගරයේ ජීවත් වූ දොරටුපාලයෙක් පදුමුත්තර බුදු රජුන්ටත්, ලක්ෂයක් රහතන් වහන්සේලාටත් මැනවින් කළ පිහි පූජා කළා. මේ ඒ පූජාවෙන් උපදින හැම ආත්මයකදී ම ඔහු ලැබූ ආනිසංසයි.

  • දක්ෂයෙක් විය.
  • කිසි විටෙක සසල නොවීය.
  • විශාරදයෙක් විය.
  • කෙලෙස්වලට හසු නො වන දැඩි සිතක් ලැබුණා.
  • නුවණ හා වීර්ය ලැබුණි.
  • කෙලෙස් නැති කිරීමේ සියුම් නුවණක් ලැබුණි.
  • අවසාන ආත්ම භාවය ලෙස ගෞතම බුදු සසුනේ පැවිදි ව සියලු කෙලෙස් නසා පිරිනිවී සැනසුණි.

බාගත ​කිරීමට