සඟ රුවනට කරන පාත්‍ර පූජාව
නිවන තෙක් මේ ආනිසංස ඔබට ලබාදේවි
පිළින්දිවච්ඡස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 566 - 567)
හංසවතී නගරයේ ජීවත් වූ දොරටුපාලයෙක් වූ ඔහු පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් රහතන් වහන්සේලාට පාත්‍ර පූජා කළා. එතැන් සිට නිවන් දකින තෙක් ඉපදුන හැම ආත්මයේදී ම මේ ආනිසංස ඔහුට ලැබුණා.
- ඉතා වටිනා තලි පාවිච්චියට ලැබුණා.
- උවදුරු ඇති වුණේ නැහැ.
- හැම කාලයේ දී ම පුද පූජා ලැබුණා.
- ආහාර පාන, ඇඳුම් හා සුව පහසු ඇඳන් ලැබුණා.
- භෝග විනාශ වුණේ නැහැ.
- හැම කාලයේ දී ම ධර්මයට කැමති වුණා.
- නිවුණු සිතක් ලැබුණා.
- ගෞතම බුදු සසුනේ දී කෙළෙස් නැති කර උතුම් රහත් බව ලැබුවා.
බාගත කිරීමට 