සත් හැවිරිදි දරුවෙක් තිස්ස බුදු රජාණන් වහන්සේගේ ගුණයට පැහැදී සතුටු සිතින් බුදු රජාණන් වහන්සේගේ බෝධියෙන් ඵලයක් ගෙන රෝපණය කළා. එයින් පැල වූ බෝ ගස අවුරුදු පහක් ම පෝෂණය කළා.
ඔහුට ලැබුණේ මහත් ආනිසංසයක්. කල්ප අනූදෙකකට පසු ගෞතම සම්බුද්ධ ශාසනයේ රහත් බව ලබන තෙක් සුගතියේ ම යි ඉපදුණේ. සක්විති රජ සම්පත් ද ඔහුට ලැබුණා. අනන්ත වූ බුදු ගුණයට කළ පූජෝපහාරයේ විපාකයයි ඒ.