Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

බුදුරජාණන් වහන්සේට හා භික්ෂූන්ට කුඩ පුදා
අනුසස් අටක් ලැබ නිවනින් සැනසෙන්න

පිළින්දිවච්ඡ ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 565 - 567)

හංසවතී නගරයේ ජීවත් වූ දොරටුපාලයෙක් පදුමුත්තර බුදු රජාණන් වහන්සේට සහ රහතන් වහන්සේලා ලක්ෂයකට කුඩ පූජා කළා. එයින් ඔහුට ආනිසංස අටක් ලැබුණා.

  • ශීතල හා උෂ්ණය දැනුනේ නැහැ.
  • දැලි කුණු තැවරුනේ නැහැ.
  • විපත් උවදුරු ඇති වුනේ නැහැ.
  • උපදින සෑම ආත්මයේ දී ම වැඳුම් පිදුම් ලබන කෙනෙක් වුණා.
  • සියුම් වූ සමක් ලැබුණා.
  • හැමවිට ම පිරිසිදු සිතක් ලැබුණා.
  • අවසන් භවය හැර අන් භවයන්හි අලංකාර කුඩ ලක්ෂයක් හිසෙහි දැරුවා.
  • අප බුදු රජුන්ගේ කාලයේ පැවිදි ව නිවනින් සැනසුණා.

බාගත ​කිරීමට