දිව්‍ය සළු පිළි හා දිව්‍ය මලින් සැරසුණු දිව්‍යාංගනාවක් වෛරෝඩි මාණික්‍යයෙන් තැනූ, සිතෙන් වේගයෙන් ගමන් කරන සයනයක් මත හිඳ සිටිනවා. ඇගේ සිරුර විදුලි එළියෙන් දිලිසෙන සැන්දෑ අහසේ වලාකුළක් මෙන් දිදුලනවා. ඇගේ සිරුරේ පැහැය සෑම දිශාවට ම බැබළෙනවා.
මේ දිව්‍ය අසිරිය ලැබුණු හැටි ඇය මෙසේ පවසනවා.
“ඒ කාලයේ මිනිස් ලෝකයේ සිටි මා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමකට වැඩ සිටින්නට ආසනයක් පූජා කළා. වන්දනා කළා. ගරු කළා. හැකි පමණින් දානයත් පූජා කළා. ඒ පිනෙන් තමයි මේ සියලු සම්පත් මට ලැබුණේ”.