සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු බුදු රජාණන් වහන්සේගේ එක් ධාතුවක් ලබා ගත් අයෙක් එයට ජීවමාන බුදු රජාණන් වහන්සේට මෙන් අවුරුදු පහක් පුද පූජා කළා. උවටැන් කළා.
එහි විපාකය ලෙස ඔහු කල්ප අනූ හතරක් දුගතියක ඉපදුණේ නැහැ. අවසාන ආත්ම භාවය ලෙස ගෞතම බුදු සසුනේ රහතන් වහන්සේ නමක් ව සසර ගමන කෙළවර කළා.