Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

බෝධියට සුවඳ පැන් පූජාව මහත්ඵල වූ වගයි

ගන්ධොදකීය ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 186 - 187)

පදුමුත්තර බුදු රජාණන් වහන්සේගේ මහා බෝධියට පූජාවක් කරනු දුටු කෙනෙක් බුදු ගුණ සිහි කරමින් විසිතුරු කළයකින් සුවඳ පැන් දුන්නා. ඒ වෙලාවේ අකුණු පහරක් වැදී ඔහු එතැන ම මිය ගියා.

නින්දෙන් පිබිදුනාක් මෙන් දෙව්ලොවෙයි පහළ වුණේ. සත්මහල් විමනක් ලැබුණා. ලක්ෂයක් කන්‍යාවෝ ඔහු පිරිවරා සිටියා. එතැන් පටන් ගෞතම බුදු සසුනේ රහතන් වහන්සේ නමක් වන තුරු ඔහු සක්විති රජ සම්පත් ආදී බොහෝ සැප සම්පත් ලැබුවා.


බාගත ​කිරීමට