මහ සංඝරත්නයට පාවහන් පුදා නිවන තෙක් ඔබට ලැබෙන විපාක මෙන්න
පිළින්දිවච්ඡස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 572 - 573)
එක් දොරටුපාලයෙක් පදුමුත්තර බුදු රජුන් ඇතුළු මහ සංඝයාට පාවහන් පූජා කළා. එහි ආනිසංස ලෙස ඉන් පසු ඉපදුණ හැම භවයක දී ම ඔහුට මෙම විපාක ලැබුණා.
- ඇතුන්, අශ්වයන්, දෝලා, පල්ලැක්කි ආදී වාහන හැට ලක්ෂයක් හැම විට ම ලැබුණා.
- තබන අඩියක් පාසා මැණික්වලින්, කම්බිලියෙන්, රත්තරනින්, රිදියෙන් කළ පාවහන් පහළ වුණා.
- සෘද්ධි බලය ලැබුණා.
- අප බුදු රජුන්ගේ සාසනයේ පැවිදි ව උතුම් රහත් බව ලැබුවා.
බාගත කිරීමට 