Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

‘බුද්ධ’ යන වචනය අසා එය සිහි කර සුගතියට ගොස් පසු ව නිවනට ද යයි

සද්දසඤ්ඤක ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 432 - 433)

මරණාසන්න ව ලෙඩ ඇඳෙහි සිටි කෙනෙකුට ‘බුද්ධ’ යන වචනය ඇසුණි. නමුත් ඔහු බුදු රජාණන් වහන්සේ දැක්කේ නැත.

මැරෙන මොහොතේ දී ‘බුද්ධ’ යන වචනය මතක් වීමත්, එම ‘බුද්ධ’ යන හැඟීම සිහිවීමත් හේතුවෙන් ඔහු කල්ප අනූ හතරක් ම සුගතියේ වාසය කර, අප බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි ව කෙලෙසුන් නසා උතුම් රහත් බව ද ලැබුවේය.


බාගත ​කිරීමට