විපස්සී බුදු රජාණන් වහන්සේගේ භික්ෂූන් වහන්සේලාට සත්කාර හා ගෞරව කළ අයෙක්, නෑදෑයන් අතර ඇති වූ භේදයකින් මිදීමට, කැමැත්තෙන් පැවිදි වී සතියක් වාසය කළා.
ඒ පැවිදි බවේ ආනිසංස ලෙස ඔහු කල්ප අනූ එකක් ඉපදුණේ සුගතියේ ම පමණි. අවසානයේ සක්විති රජ සම්පත් ද විඳ අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ පැවිදි ව රහත් බව ද ලැබූහ.