කර්ම රැස්වීම පිණිස හේතු වූ කරුණු තුනකි.
කවර තුනක් ද යත්;
ලෝභයෙන් හට ගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියන් වී නූපදියි. මනුෂ්‍යයන් වී නූපදියි. යම් බඳු අනෙකුත් සුගතිවල ද නූපදියි.
ලෝභයෙන් හටගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් නිරයෙහි උපදියි. තිරිසන්ලොව උපදියි. ප්‍රේතලොව උපදියි. තවත් දුගති ඇත්නම් ඒවායේ ද උපදියි.
කර්ම රැස්වීම පිණිස හේතු වූ කරුණු තුනකි.
කවර කරුණු තුනක් ද යත්;
අලෝභයෙන් හටගත් කර්මයෙන්, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්, අමෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියන් වී උපදියි. මනුෂ්‍යයන් වී උපදියි. යම් බඳු අනෙකුත් සුගතිවල ද උපදියි.
අලෝභයෙන් හටගත් කර්මයෙන්, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්, අමෝහයෙන් හටගත් කර්මයෙන් නිරයේ නූපදියි. තිරිසන් ලොව නූපදියි. ප්‍රේත ලොව නූපදියි. යම් බඳු අනෙකුත් දුගතිවල ද නූපදියි.