යම් කෙනෙක් මහණෙකු හෝ බමුණෙකු කරා පැමිණ ‘ප්‍රත්‍යයෙන් (ජීවත් වීමට අවශ්‍ය වස්ත්‍ර, ආහාර, බෙහෙත්, ගිලන්පස, වාසස්ථාන ආදී) යමක් අවශ්‍ය නම් කියන්න’ යැයි පවරයි. එහෙත් ඔහු පැවරූ දෙය නොදෙයි.
හෙතෙම එම ජීවිතයෙන් චුත ව මෙලොව ඉපදී යම් වෙළඳාමක් ඇරඹුවහොත් එය විනාශ (බංකොලොත්) වෙයි.
යම් කෙනෙක් මහණෙකු හෝ බමුණෙකු කරා පැමිණ ‘ප්‍රත්‍යයෙන් යමක් අවශ්‍ය නම් කියන්න’ යැයි පවරයි. එහෙත් ඔහු පැවරූ දෙය අදහස් කළ පරිදි නොදෙයි.
හෙතෙම එයින් චුත ව මෙලොව ඉපදී යම් වෙළඳාමක් ඇරඹුවහොත් එය අදහස් කළ පරිදි සාර්ථක නොවෙයි.
යම් කෙනෙක් මහණෙකු හෝ බමුණෙකු කරා පැමිණ ‘ප්‍රත්‍යයෙන් යමක් අවශ්‍ය නම් කියන්න’ යැයි පවරයි. ඔහු එය අදහස් කළ පරිදි දෙයි.
හෙතෙම එයින් චුත ව මෙලොව ඉපදී යම් වෙළඳාමක් ඇරඹුවහොත් එය අදහස් කළ පරිදි ම සාර්ථක වෙයි.
යම් කෙනෙක් මහණෙකු හෝ බමුණෙකු කරා පැමිණ ‘ප්‍රත්‍යයෙන් යමක් අවශ්‍ය නම් කියන්න’ යැයි පවරයි. ඔහු එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා දෙයි. හෙතෙම එයින් චුත ව මෙලොව ඉපදී යම් වෙළඳාමක් ඇරඹුවහොත් එය අතිශයින් ම (අදහස් කළ ප්‍රමාණයටත් වඩා) සාර්ථක වෙයි.