Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

සිල්වත් පැවිද්දෝ ඔබ නිවසට පැමිණෙත් නම්
කරුණු පහකින් බොහෝ පින් රැස් කර ගත හැකිය

කුල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 392 - 393 )

යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයක් (පවුලක්) වෙත පැමිණේ නම් එහි මිනිස්සු කරුණු පහකින් බොහෝ පින් රැස් කර ගනිති.

  1. කුලයට පැමිණෙන සිල්වත් පැවිද්දන් දැක එහි මිනිස්සු සිත් පහදවා ගනිත් නම් එසමයෙහි ඒ කුලය දෙව්ලොවට පැමිණීම පිණිස පවත්නා මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
  2. කුලයට පැමිණෙන සිල්වත් පැවිද්දන් දැක එහි මිනිස්සු හුනස්නෙන් නැගිටිත් නම්, මනා කොට වඳිත් නම්, අසුන් දෙත් නම්, එසමයෙහි ඒ කුලය උසස් කුලවත් බව පිණිස පවතින මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
  3. කුලයට පැමිණෙන සිල්වත් පැවිද්දන් දැක එහි මිනිස්සු මසුරු බව අත්හරිත් නම්, එසමයෙහි ඒ කුලය මහේශාක්‍යය (ආනුභාව සම්පන්න) භාවය පිණිස පවත්නා මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
  4. කුලයට පැමිණෙන සිල්වත් පැවිද්දන් දැක එහි මිනිස්සු හැකි පමණින්, බල පමණින් දාන මනා සේ බෙදා දෙයි නම්, එසමයෙහි එම කුලය මහා භෝග සම්පත් ඇතිවීම පිණිස වූ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
  5. කුලයට පැමිණෙන සිල්වත් පැවිද්දන් දැක එහි මිනිස්සු කරුණු විචාරත් නම්, ප්‍රශ්න කරත් නම්, ධර්මය අසත් නම් එසමයෙහි එම කුලය මහා ප්‍රඥාව පිණිස පවත්නා මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි.

බාගත ​කිරීමට