මසුරු බව දුරු කිරීමට
සතර සතිපට්ඨානය වඩන්න
මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 556 - 557)
මසුරුකම් පහකි.
කවර පහක් ද යත්;
- ආවාසය පිළිබඳ වූ මසුරුකම.
- කුලයන් පිළිබඳ වූ මසුරුකම.
- ලාභ පිළිබඳ වූ මසුරුකම.
- වර්ණනා කිරීම පිළිබඳ වූ මසුරුකම.
- ධර්මය පිළිබඳ වූ මසුරුකම.
මෙම මසුරුකම් දුරු කිරීමට සතර සතිපට්ඨානය වැඩිය යුතුය.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කායානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- වේදනානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- චිත්තානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
- ධම්මානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.
බාගත කිරීමට 