Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

කරුණු හයක් දුරු නොකර කායානුපස්සනාව වැඩීමට නොහැකි වෙයි

කායානුපස්සී සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4, සාමඤ්ඤ වර්ගය - පිටු අංක 268 - 269)

කරුණු හයක් දුරු නොකර කයෙහි කය අනුව බලමින් (කායානුපස්සී ව) වාසය කිරීමට නොහැකි වෙයි.

  1. බොහෝ වැඩ කරනු කැමති බව (කම්මාරාමතා)
  2. කතාවේ ඇලී සිටීම (භස්සාරාමතා)
  3. නින්දේ ඇලී සිටීම (නිද්දාරාමතා)
  4. පිරිස් සමඟ එකට එකතු වී සිටීමට ඇති කැමැත්ත (සඞ්ඝණිකාරාමතා)
  5. ඉඳුරන්ගේ නොවැසූ දොරටු ඇති බව (ඉන්ද්‍රියෙසු අගුත්ත ද්වාරතා)
  6. භෝජනයේ පමණ නොදන්නා බව (භෝජනෙ අමත්තඤ්ඤුතා)

මේ කරුණු හය දුරු නොකර කයෙහි කය අනුව බලමින් වාසය කිරිමට නොහැකි වෙයි.


බාගත ​කිරීමට