Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

සතර සතිපට්ඨානය සම්පූර්ණයෙන් වැඩූ විට රහත් වෙයි

සමත්ත සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 312 - 313)

කොපමණකින් අසේඛ (අරහත්) වේ ද?

සතර සතිපට්ඨානය සම්පූර්ණයෙන් ම වැඩූ බැවින් අසේඛ යැයි කියනු ලැබෙයි.

කවර සතර සතිපට්ඨානයක් ද යත්;

  • කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
  • කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කරයි.

මේ සතර සතිපට්ඨානය සම්පූර්ණයෙන් ම වැඩූ බැවින් අසේඛ යැයි කියනු ලැබෙයි.


බාගත ​කිරීමට