සතර සතිපට්ඨානය කොටසක් වැඩූ විට සේඛ වෙයි
පදෙස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 312 - 313)
සේඛ, සේඛ යැයි කියනු ලැබෙයි. කොපමණකින් සේඛ වේ ද?
සතර සතිපට්ඨානය කොටසක් පමණක් වැඩූ බැවින් සේඛ යැයි කියනු ලැබෙයි.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කිරීම වෙයි.
මෙසේ සතර සතිපට්ඨානයේ කොටසක් වැඩූ බැවින් සේඛ යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට 