ඔබ සතර සතිපට්ඨානය වඩන්නේ නම්
මේ ජීවිතයේ දී ම රහත් බව හෝ අනාගාමි බව කැමති විය යුතුය
අඤ්ඤා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 5 - i - පිටු අංක 324 - 325)
සතිපට්ඨාන සතරකි. කවර සතරක් ද යත්;
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කරයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
- කෙලෙස් තවන වැර ඇති ව මනා සිහි නුවණින් යුතු ව දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කරයි.
මේ සතර සතිපට්ඨානය වැඩූ විට, බහුල වැඩූ විට පහත ඵල දෙකින් එකකට කැමති විය යුතුය.
මේ ජීවිතයේ දී ම රහත් බව හෝ උපධි ශේෂයක් ඇති කල්හි අනාගාමි බව වෙයි.
බාගත කිරීමට 