Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

නීවරණ දුරු කිරීමට සතර සතිපට්ඨානය වඩන්න

නීවරණ සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 552 - 553)

නීවරණ පහකි.

කවර පහක් ද යත්;

  1. කාමච්ඡන්ද නීවරණය.
  2. ව්‍යාපාද නීවරණය.
  3. ථීනමිද්ධ නීවරණය.
  4. උද්ධච්චකුක්කුච්ච නීවරණය.
  5. විචිකිච්ඡා නීවරණය.

නිවනට බාධා වන මෙම පංච නීවරණයන් දුරු කිරීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුය.

කවර සතර සතිපට්ඨානයක් ද යත්;

  1. කායානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
  2. වේදනානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
  3. චිත්තානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
  4. ධම්මානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.

බාගත ​කිරීමට