Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ ඒකායන මග වූ සතර සතිපට්ඨානය /

පංච ගති ප්‍රහාණය කර නැවත නූපදීමට සතර සතිපට්ඨානය වඩන්න

ගති සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 556 - 557)

ගති පහකි.

කවර පහක් ද යත්;

  1. නිරය
  2. තිරිසන් යෝනිය
  3. ප්‍රේත විෂය
  4. මිනිසත් බව
  5. දිව්‍යභාවය

මේ පංච ගතියන්ගේ ප්‍රහාණයට සතර සතිපට්ඨානය වැඩිය යුතුය.

කවර සතර සතිපට්ඨානයක් ද යත්;

  1. කායානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
  2. වේදනානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
  3. චිත්තානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
  4. ධම්මානුපස්සනාව
    කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.

බාගත ​කිරීමට