සෝවාන් සකදාගාමි සහ අනාගාමි වීමට සතර සතිපට්ඨානය වඩන්න
ඔරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 554 - 555)
ඕරම්භාගිය සංයෝජන පසකි. කවර පසක් ද යත්;
- සක්කාය දිට්ඨි සංයෝජනය.
- විචිකිච්ඡා සංයෝජනය.
- සීලබ්බත පරාමාස සංයෝජනය.
- කාමරාග සංයෝජනය.
- පටිඝ සංයෝජනය.
මේ පංච ඕරම්භාගිය සංයෝජනයෝය.
මේ ඕරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණය පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුය.
කවර සතර සතිපට්ඨානයක් ද යත්;
- කායානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.
- වේදනානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.
- චිත්තානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.
- ධම්මානුපස්සනාව
- කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.
බාගත කිරීමට 