එකල්හි සැරියුත් තෙරණුවෝ මගධයෙහි නාලා ගමෙහි වැඩ වසන සේක. ජම්බුඛාදක පරිබ්‍රාජකයා සැරියුත් තෙරණුවන් කරා පැමිණ මෙසේ ඇසුවේය.
සැනසිල්ලට (සිතෙහි ඇති වන අස්වැසිල්ලට) පැමිණියේ, සැනසිල්ලට පැමිණියේ යැයි කියනු ලැබෙයි. සාරිපුත්ත මිත්‍රය, කොපමණකින් සැනසිල්ලට පැමිණියේ වේ ද?
මිත්‍රය, මහණ තෙම ස්පර්ශ ආයතන හයෙහි හටගැනීමත්, විනාශයට යෑමත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් යථා ස්වභාවයෙන් දකියි ද මෙතෙකින් සැනසිල්ලට පැමිණියේ වෙයි.
මේ සැනසිල්ල සාක්ෂාත් කිරීමට මගක් ඇත් ද? පිළිවෙතක් ඇත් ද? ඒ කවරක් ද?
මේ සැනසිල්ල සාක්ෂාත් කිරීමට ඇති මග නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම වෙයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වෙයි. මිත්‍රය, මේ සැනසිල්ල සාක්ෂාත් කිරීමට ඇති මගයි, පිළිවෙතයි.
මේ සැනසිල්ල සාක්ෂාත් කිරීමට ඇති සොඳුරු මගකි, සොඳුරු පිළිවෙතකි. පමා නොවීමට සුදුසු වෙයි.