එකල බුදු රජාණන් වහන්සේ විසින් සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.
මහණෙනි, වඩන ලද, බොහෝ සේ වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ගෙවා දමයි. සියලු රූපරාගය ගෙවා දමයි. සියලු භවරාගය ගෙවා දමයි. සියලු අස්මිමානය ගෙවා දමයි, විනාශ කරයි.
මහණෙනි, යම් සේ තාරකාවල යම් කිසි එළියක් වේ ද, ඒ සියලු තරුවල එළිය සඳෙහි එළියෙන් දහසයෙන් කොටසකටවත් නොවටියි, සඳ එළිය ඔවුන්ට වඩා ශ්‍රේෂ්ඨ යැයි කියනු ලැබෙයි. එසේ ම වඩන ලද, බොහෝ සේ වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාම රාගය ගෙවා දමයි. සියලු රූප රාගය ගෙවා දමයි. සියලු භව රාගය ගෙවා දමයි. සියලු අස්මි මානය ගෙවා දමයි, විනාශ කරයි.
මහණෙනි, කෙසේ වඩන ලද, බොහෝ සේ වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාම රාගය ගෙවා ද, සියලු රූප රාගය ගෙවා ද, සියලු භව රාගය ගෙවා ද, සියලු අස්මි මානය ගෙවා ද, විනාශ කරයි ද යත්;
රූපය මෙසේ වෙයි, රූපය හටගැනීම මෙසේ වෙයි, රූපය විනාශයට යෑම මෙසේ වෙයි.
වේදනාව මෙසේ වෙයි, වේදනාව හටගැනීම මෙසේ වෙයි, වේදනාව විනාශයට යෑම මෙසේ වෙයි.
සංඥාව මෙසේ වෙයි, සංඥාව හටගැනීම මෙසේ වෙයි, සංඥාව විනාශයට යෑම මෙසේ වෙයි.
සංස්කාර මෙසේ වෙයි, සංස්කාර හටගැනීම මෙසේ වෙයි, සංස්කාර විනාශයට යෑම මෙසේ වෙයි.
විඥානය මෙසේ වෙයි, විඥානය හටගැනීම මෙසේ වෙයි, විඥානය විනාශයට යෑම මෙසේ වෙයි.
මහණෙනි, මෙසේ වඩන ලද, බොහෝ සේ වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාම රාගය ගෙවා දමයි. සියලු රූප රාගය ගෙවා දමයි. සියලු භව රාගය ගෙවා දමයි. සියලු අස්මි මානය ගෙවා දමයි, විනාශ කරයි.