Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

අමනුෂ්‍යයන්ගෙන් විය හැකි උවදුරු දුරලීමට
නිවැරදි ව මෛත්‍රී චේතෝවිමුක්තිය වඩන්න

කුල සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 408 - 409)

යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති ස්වල්ප පුරුෂයන් ඇති පවුල් වෙත් ද කළයේ සැඟ වූ පහන් එළියෙන් සොරකම් කරන සොරුන් විසින් ද පහසුවෙන් සොරකම් කළ හැකිය.

මහණෙනි, එසේ ම යම් කිසි මහණෙකු විසින් මෛත්‍රී චේතෝවිමුක්තිය නොවඩන ලද ද බහුල ව නොවඩන ලද ද හෙතෙම අමනුෂ්‍යයන් විසින් සුව සේ වෙහෙසිය හැකිය.

යම් සේ ස්වල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති පවුල් වෙත් ද කළයේ සැඟ වූ පහන් එළියෙන් සොරකම් කරන සොරුන් විසින් පහසුවෙන් සොරකම් නොකළ හැකි වෙයි.

එසේ ම යම් කිසි මහණකු විසින් මෛත්‍රී චේතෝවිමුක්තිය වඩන ලද ද බහුල ව වඩන ලද ද හෙතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොවෙහෙසිය හැකි වෙයි.

එ බැවින් මහණෙනි, මෛත්‍රී චේතෝවිමුක්තිය භාවිත කළ යුතුය. බහුල ව කළ යුතුය. යානාවක් මෙන් පුරුදු කළ යුතුය. මැනවින් ව පරිපූර්ණ ව කළ යුතු යැයි මෙසේ ම හික්මිය යුතුය.


බාගත ​කිරීමට