නිවැරදි ව මෛත්‍රී ධ්‍යාන වඩා මෙලොව සැප විඳ බඹ ලොව යන්න
මෙත්තානිසංස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 644 - 645 )
මෛත්‍රී චේතෝවිමුක්තිය පුරුදු කිරීම, භාවිත කිරීම, බහුල ව භාවිත කිරීම, හොඳින් පුරුදු කිරීම, මනා සේ පුහුණු කිරීම, නොනවත්වා පුහුණු කිරීම කරන්නේ නම් ආනිසංස එකළොසක් කැමති විය යුතුය.
කවර එකළොසක් ද යත්;
- සුව සේ නිදයි.
- සුව සේ පුබුදියි.
- පවිටු සිහින නොදකියි.
- මිනිසුන් හට ප්‍රිය වෙයි.
- අමනුෂ්‍යයන් හට ප්‍රිය වෙයි.
- දෙවියෝ රකිති.
- ගින්දර, විෂ හෝ ආයුධ නොවදියි.
- සිත වහා සමාධිමත් වෙයි.
- මුහුණේ වර්ණය පැහැපත් වෙයි.
- සිහි මුළා නො වී කළුරිය කරයි.
- වඩා උසස් අවබෝධයකට යා නොහැකි වුවහොත් බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ වෙයි.
යමෙක්, මෙත්තා චේතෝවිමුක්තිය පුරුදු කිරීම, භාවිත කිරීම, බහුල ව භාවිත කිරීම, හොඳින් පුරුදු කිරීම, මනා සේ පුහුණු කිරීම, නොනවත්වා පුහුණු කිරීම කළහොත් මෙම එකළොස් ආනිසංස කැමති විය යුතුය.
බාගත කිරීමට 