ඇස අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
කන අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
නාසය අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
දිව අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
කය අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
සිත අනිත්‍යය. යමක් අනිත්‍ය වේ නම්, එය දුක වෙයි. යමක් දුක වේ නම්, එය අනාත්ම වෙයි. යමක් අනාත්ම වේ නම්, එය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යැයි මෙසේ තත් වූ පරිද්දෙන් මනා නුවණින් දැකිය යුතුය.
මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඇසෙහි කලකිරෙයි. කනෙහි කලකිරෙයි. නාසයෙහි කලකිරෙයි. දිවෙහි කලකිරෙයි. කයෙහි කලකිරෙයි. සිතෙහි කලකිරෙයි.
කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙනුයේ මිදෙයි.
මිදුණු විට මිදුණේ යැයි නුවණ පිහිටා සිටියි.
උපත ක්ෂය විය බ්‍රහ්මචරියාව සම්පූර්ණ විය. කළ යුත්ත කරන ලදි. රහත් බව පිණිස මත්තේ කළ යුත්තක් නැති බව මනා ව දැනගනියි.