Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ට සතුටු නොවන්නා දුකෙන් මිදෙයි

අභිනන්දන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 54 - 57)

යමෙක් රූපය කෙරෙහි සතුටු වේ නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේ නම් හේ දුකෙන් නොමිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් වේදනාව කෙරෙහි සතුටු වේ නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේ නම් හේ දුකෙන් නොමිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් සංඥාව කෙරෙහි සතුටු වේ නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේ නම් හේ දුකෙන් නොමිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් සංස්කාරය කෙරෙහි සතුටු වේ නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේ නම් හේ දුකෙන් නොමිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් විඥානය කෙරෙහි සතුටු වේ නම් ඔහු දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වේ නම් හේ දුකෙන් නොමිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් රූපය කෙරෙහි සතුටු නොවේ නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නො වේ නම් හේ දුකෙන් මිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් වේදනාව කෙරෙහි සතුටු නොවේ නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවේ නම් හේ දුකෙන් මිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් සංඥාව කෙරෙහි සතුටු නොවේ නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවේ නම් හේ දුකෙන් මිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් සංස්කාරය කෙරෙහි සතුටු නොවේ නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවේ නම් හේ දුකෙන් මිදුණේ යැයි කියනු ලැබෙයි.

යමෙක් විඥානය කෙරෙහි සතුටු නොවේ නම් ඔහු දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවේ නම් හේ දුකෙන් මිදුණේ යැයි කියනු ලැබෙයි.


බාගත ​කිරීමට