මෙසේ විද්‍යා විමුක්තිය පරිපූර්ණ භාවයට පත්වෙයි. එනම් නිවන් දකියි.
ඒ කෙසේද යත්, කඳු මුදුන් වලට වර්ෂාව වසින විට වැසි දිය ගලා ඒ ජලය නිම්න කරා ගොස් කඳුරු, ඇළ, දොළ ශාඛා පුරවයි. කඳුරු, ඇළ, දොළ පුරවා කුඩා වළවල් පුරවයි. කුඩා වළවල් පුරවා දමමින් මහ වළවල් පුරවයි. මහ වළවල් පිරීමෙන් කුඩා ගංගා පුරවයි. කුඩා ගංගා පිරීමෙන් මහා ගංගා පිරෙයි. මහා ගංගා පිරීමෙන් මහා සාගරය පිරෙයි. මෙසේ මහා සාගරයාගේ ප්‍රත්‍ය වෙයි. මෙසේ පරිපූර්ණ භාවය වෙයි.
එසේ ම
සත්පුරුෂ ඇසුර පරිපූර්ණ වීමෙන් සද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වෙයි.
සද්ධර්ම ශ්‍රවණය පරිපූර්ණ වීමෙන් ශ්‍රද්ධාව පරිපූර්ණ වෙයි.
ශ්‍රද්ධාව පරිපූර්ණ වීමෙන් යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වෙයි.
යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වීමෙන් සිහි නුවණ පරිපූර්ණ වෙයි.
සිහි නුවණ පරිපූර්ණ වීමෙන් ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වෙයි.
ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වීමෙන් ත්‍රිවිධ සුචරිතය පරිපූර්ණ වෙයි.
ත්‍රිවිධ සුචරිතය පරිපූර්ණ වීමෙන් සතර සතිපට්ඨානය පරිපූර්ණ වෙයි.
සතර සතිපට්ඨානය පරිපූර්ණ වීමෙන් සප්ත බොජ්ඣඞ්ග පරිපූර්ණ වෙයි.
සප්ත බොජ්ඣඞ්ග පරිපූර්ණ වීමෙන් විද්‍යා විමුක්තිය පරිපූර්ණ වෙයි.