රූපය අනිත්‍යය. වෙනස් වන සුලුය. අන් පරිදි වන සුලුය.
වේදනාව අනිත්‍යය. වෙනස් වන සුලුය. අන් පරිදි වන සුලුය.
සංඥාව අනිත්‍යය. වෙනස් වන සුලුය. අන් පරිදි වන සුලුය.
සංස්කාරය අනිත්‍යය. වෙනස් වන සුලුය. අන් පරිදි වන සුලුය.
විඥානය අනිත්‍යය. වෙනස් වන සුලුය. අන් පරිදි වන සුලුය.
යමෙක් මේ ධර්මයන් මෙසේ ඇදහීමෙන් නිශ්චය කෙරේ නම්, ඒ පුද්ගලයා සද්ධානුසාරී නම් වෙයි. යහපත් මාර්ගයට (ආර්ය අෂ්ටාංගික මාර්ගයට) බැස ගත්තේය. සත්පුරුෂ භූමියට බැස ගත්තේය. පෘථග්ජන භූමිය ඉක්මවා ගියේය. යම් කර්මයක් කර නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත විෂයේ නැවත උපදින්නේ නම්, එ වැනි කර්ම කිරීමට ද නොහැකි වෙයි. සෝවාන් ඵලය සාක්ෂාත් කරන තුරු කලුරිය කරන්නට ද යෝග්‍ය නොවෙයි.
යමෙක් මේ ධර්මයන් ප්‍රඥාවෙන් පමණ විසින් අවබෝධ කිරීමට සමර්ථ නම්, මේ පුද්ගලයා ධම්මානුසාරී නම් වෙයි. යහපත් මාර්ගයට බැස ගත්තේය. සත්පුරුෂ භූමියට බැස ගත්තේය. පෘථග්ජන භූමිය ඉක්මවා ගියේය. යම් කර්මයක් කර නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත විෂයේ නැවත උපදින්නේ නම්, එ වැනි කර්ම කිරීමට ද නොහැකි වෙයි. සෝවාන් ඵලය සාක්ෂාත් කරන තුරු කලුරිය කරන්නට යෝග්‍ය නොවෙයි.
යමෙක් මේ ධර්මයන් මෙසේ දනී ද මෙසේ දකී ද ඔහු සෝවාන් නම් වෙයි. සතර අපායට නොවැටෙන සුලු නිවනට නියත යැයි කියනු ලැබෙයි.