Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

ජරා මරණයෙන් මිදෙන්නේ කෙසේ ද?

උප්පාද සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 56 - 57)

රූපයේ යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපැද්දීමක්, පහළ වීමක් වේ ද, එය දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණයන්ගේ පහළ වීමයි.

වේදනාවෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපැද්දීමක්, පහළ වීමක් වේ ද, එය දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණයන්ගේ පහළ වීමයි.

සංඥාවෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපැද්දීමක්, පහළ වීමක් වේ ද, එය දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණයන්ගේ පහළ වීමයි.

සංස්කාරයෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපැද්දීමක්, පහළ වීමක් වේ ද, එය දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණයන්ගේ පහළ වීමයි.

විඥානයෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපැද්දීමක්, පහළ වීමක් වේ ද, එය දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණයන්ගේ පහළ වීමයි.

රූපයෙහි යම් නිරෝධයක්, සන්සිඳීමක්, නැතිවී යෑමක් වේ නම් එය දුකෙහි නිරෝධයයි, රෝගයන්ගේ සන්සිඳීමයි, ජරා මරණයන්ගේ නැති වීමයි.

වේදනාවෙහි යම් නිරෝධයක්, සන්සිඳීමක්, නැතිවී යෑමක් වේ නම් එය දුකෙහි නිරෝධයයි, රෝගයන්ගේ සන්සිඳීමයි, ජරා මරණයන්ගේ නැති වීමයි.

සංඥාවෙහි යම් නිරෝධයක්, සන්සිඳීමක්, නැතිවී යෑමක් වේ නම් එය දුකෙහි නිරෝධයයි, රෝගයන්ගේ සන්සිඳීමයි, ජරා මරණයන්ගේ නැති වීමයි.

සංස්කාරයෙහි යම් නිරෝධයක්, සන්සිඳීමක්, නැතිවී යෑමක් වේ නම් එය දුකෙහි නිරෝධයයි, රෝගයන්ගේ සන්සිඳීමයි, ජරා මරණයන්ගේ නැති වීමයි.

විඥානයෙහි යම් නිරෝධයක්, සන්සිඳීමක්, නැතිවී යෑමක් වේ නම් එය දුකෙහි නිරෝධයයි, රෝගයන්ගේ සන්සිඳීමයි, ජරා මරණයන්ගේ නැති වීමයි.


බාගත ​කිරීමට