භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනාව සැවැත් නුවර දී දේශනා කළ සේක.
යමෙක් රූපය සතුටින් පිළිගනියි ද හේ දුක සතුටින් පිළිගනියි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ ද ඔහු දුකෙන් නොමිදුනේ යැයි කියමි.
යමෙක් වේදනාව සතුටින් පිළිගනියි ද හේ දුක සතුටින් පිළිගනියි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ ද ඔහු දුකෙන් නොමිදුනේ යැයි කියමි.
යමෙක් සංඥාව සතුටින් පිළිගනියි ද හේ දුක සතුටින් පිළිගනියි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ ද ඔහු දුකෙන් නොමිදුනේ යැයි කියමි.
යමෙක් සංස්කාරය සතුටින් පිළිගනියි ද හේ දුක සතුටින් පිළිගනියි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ ද ඔහු දුකෙන් නොමිදුනේ යැයි කියමි.
යමෙක් විඥානය සතුටින් පිළිගනියි ද හේ දුක සතුටින් පිළිගනියි. යමෙක් දුක සතුටින් පිළිගන්නේ ද ඔහු දුකෙන් නොමිදුනේ යැයි කියමි.
යමෙක් රූපය සතුටින් නොපිළිගනියි ද හේ දුක සතුටින් නොපිළිගනියි. යමෙක් දුක සතුටින් නොපිළිගන්නේ ද ඔහු දුකෙන් මිදුනේ යැයි කියමි.
යමෙක් වේදනාව සතුටින් නොපිළිගනියි ද හේ දුක සතුටින් නොපිළිගනියි. යමෙක් දුක සතුටින් නොපිළිගන්නේ ද ඔහු දුකෙන් මිදුනේ යැයි කියමි.
යමෙක් සංඥාව සතුටින් නොපිළිගනියි ද හේ දුක සතුටින් නොපිළිගනියි. යමෙක් දුක සතුටින් නොපිළිගන්නේ ද ඔහු දුකෙන් මිදුනේ යැයි කියමි.
යමෙක් සංස්කාරය සතුටින් නොපිළිගනියි ද හේ දුක සතුටින් නොපිළිගනියි. යමෙක් දුක සතුටින් නොපිළිගන්නේ ද ඔහු දුකෙන් මිදුනේ යැයි කියමි.
යමෙක් විඥානය සතුටින් නොපිළිගනියි ද හේ දුක සතුටින් නොපිළිගනියි. යමෙක් දුක සතුටින් නොපිළිගන්නේ ද ඔහු දුකෙන් මිදුනේ යැයි කියමි.