එකල භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සේක. දුකෙන් මිදීමට මනාව දේශනා කළ ඒ නිවන් මගෙහි නොඇලුණු, නොහික්මුණු තිස්ස නම් භික්ෂුවකට මේ චතුරාර්ය සත්‍ය දේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ සේක.
තිස්ස, රූපය කෙරෙහි පහ නොවූ ආසාව ඇති ව, පහ නොවූ කැමැත්ත ඇති ව, පහ නොවූ ප්‍රේමය ඇති ව, පහ නොවූ බලාපොරොත්තු ඇති ව, පහ නොවූ දැවිලි ඇති ව, පහ නොවූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ රූපය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
හොඳයි හොඳයි තිස්ස, රූපයෙහි ආසාව ඇති තැනැත්තාට එය එසේ ම වෙයි.
තිස්ස, වේදනාව (විඳීම) කෙරෙහි පහ නොවූ ආසාව ඇති ව, පහ නොවූ කැමැත්ත ඇති ව, පහ නොවූ ප්‍රේමය ඇති ව, පහ නොවූ බලාපොරොත්තු ඇති ව, පහ නොවූ දැවිලි ඇති ව, පහ නොවූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ වේදනාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
හොඳයි හොඳයි තිස්ස, වේදනාවෙහි ආසාව ඇති තැනැත්තාට එය එසේ ම වෙයි.
තිස්ස, සංඥාව (හඳුනාගැනීම) කෙරෙහි පහ නොවූ ආසාව ඇති ව, පහ නොවූ කැමැත්ත ඇති ව, පහ නොවූ ප්‍රේමය ඇති ව, පහ නොවූ බලාපොරොත්තු ඇති ව, පහ නොවූ දැවිලි ඇති ව, පහ නොවූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ සංඥාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
හොඳයි හොඳයි තිස්ස, සංඥාවෙහි ආසාව ඇති තැනැත්තාට එය එසේ ම වෙයි.
තිස්ස, සංස්කාරය (චේතනාව) කෙරෙහි පහ නොවූ ආසාව ඇති ව, පහ නොවූ කැමැත්ත ඇති ව, පහ නොවූ ප්‍රේමය ඇති ව, පහ නොවූ බලාපොරොත්තු ඇති ව, පහ නොවූ දැවිලි ඇති ව, පහ නොවූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ සංස්කාරය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
හොඳයි හොඳයි තිස්ස, සංස්කාරයෙහි ආසාව ඇති තැනැත්තාට එය එසේ ම වෙයි.
තිස්ස, විඥානය (දැනගැනීම) කෙරෙහි පහ නොවූ ආසාව ඇති ව, පහ නොවූ කැමැත්ත ඇති ව, පහ නොවූ ප්‍රේමය ඇති ව, පහ නොවූ බලාපොරොත්තු ඇති ව, පහ නොවූ දැවිලි ඇති ව, පහ නොවූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ විඥානය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිනවා නොවේ ද?
එසේය ස්වාමීනි.
හොඳයි හොඳයි තිස්ස, විඥානයෙහි ආසාව ඇති තැනැත්තාට එය එසේම වෙයි.
තිස්ස, රූපය කෙරෙහි පහ වූ ආසාව ඇති ව, පහ වූ කැමැත්ත ඇති ව, පහ වූ ප්‍රේමය ඇති ව, පහ වූ බලාපොරොත්තු ඇති ව, පහ වූ දැවිලි ඇති ව, පහ වූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ රූපය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිත් ද?
නැත ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි. තිස්ස, රූපය කෙරෙහි ආසාව නැති තැනැත්තාට ඒ රූපය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් නූපදින්නේය.
තිස්ස, වේදනාව කෙරෙහි පහ වූ ආසාව ඇති ව, පහ වූ කැමැත්ත ඇති ව, පහ වූ ප්‍රේමය ඇති ව, පහ වූ බලාපොරොත්තු ඇති ව, පහ වූ දැවිලි ඇති ව, පහ වූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ වේදනාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිත් ද?
නැත ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි. තිස්ස, වේදනාවෙහි ආසාව නැති තැනැත්තාට ඒ වේදනාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් නූපදින්නේය.
තිස්ස, සංඥාව කෙරෙහි පහ වූ ආසාව ඇති ව, පහ වූ කැමැත්ත ඇති ව, පහ වූ ප්‍රේමය ඇති ව, පහ වූ බලාපොරොත්තු ඇති ව, පහ වූ දැවිලි ඇති ව, පහ වූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ සංඥාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිත් ද?
නැත ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි. තිස්ස, සංඥාව කෙරෙහි ආසාව නැති තැනැත්තාට ඒ සංඥාව වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් නූපදින්නේය.
තිස්ස, සංස්කාරය කෙරෙහි පහ වූ ආසාව ඇති ව, පහ වූ කැමැත්ත ඇති ව, පහ වූ ප්‍රේමය ඇති ව, පහ වූ බලාපොරොත්තු ඇති ව, පහ වූ දැවිලි ඇති ව, පහ වූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ සංස්කාරය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිත් ද?
නැත ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි. තිස්ස, සංස්කාරය කෙරෙහි ආසාව නැති තැනැත්තාට ඒ සංස්කාරය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් නූපදින්නේය.
තිස්ස, විඥානය කෙරෙහි පහ වූ ආසාව ඇති ව, පහ වූ කැමැත්ත ඇති ව, පහ වූ ප්‍රේමය ඇති ව, පහ වූ බලාපොරොත්තු ඇති ව, පහ වූ දැවිලි ඇති ව, පහ වූ තණ්හාව ඇති ව සිටින පුද්ගලයෙකුට ඒ විඥානය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් උපදිත් ද?
නැත ස්වාමීන් වහන්ස.
හොඳයි හොඳයි. තිස්ස, එය එසේ ම වෙයි. විඥානය කෙරෙහි ආසාව නැති තැනැත්තාට ඒ විඥානය වෙනස් වන විට, අන් අයුරක් වන විට ශෝක, විලාප කීම්, දුක් දොම්නස්, බලවත් සිත් තැවුල් නූපදින්නේය.
තිස්ස, නුඹට හැඟෙන්නේ කෙස් ද? රූපය නිත්‍ය වේ ද? අනිත්‍ය වේ ද?
අනිත්‍යයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම් එය දුකක් වේ ද? සැපක් වේ ද?
දුකයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වනසුලු නම් ‘එය මම වෙමි, එය මගේය, එය මගේ ආත්මය’ යි දකින්නට සුදුසු ද?
එසේ නුසුදුසුයි ස්වාමීන් වහන්ස.
තිස්ස, එම නිසා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ වූ යම් රූපයක් ඇත් ද? ඒ සියලු රූපය ‘මම නොවෙමි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවේ’ යැයි ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි.
තිස්ස, නුඹට හැඟෙන්නේ කෙසේ ද? වේදනාව නිත්‍ය වේ ද? අනිත්‍ය වේ ද?
අනිත්‍යයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම් එය දුකක් වේ ද? සැපක් වේ ද?
දුකයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වනසුලු නම් ‘එය මම වෙමි, එය මගේය, එය මගේ ආත්මය’ යි දකින්නට සුදුසුද?
එසේ නුසුදුසුයි ස්වාමීන් වහන්ස.
තිස්ස, එම නිසා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ වූ යම් වේදනාවක් ඇත් ද? ඒ සියලු වේදනාව ‘මම නොවෙමි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවේ’ යැයි ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි.
තිස්ස, නුඹට හැඟෙන්නේ කෙසේද? සංඥාව නිත්‍ය වේ ද අනිත්‍ය වේ ද?
අනිත්‍යයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම් එය දුකක් වේ ද? සැපක් වේ ද?
දුකයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් ‘එය මම වෙමි, එය මගේය, එය මගේ ආත්මය’ යි දකින්නට සුදුසුද?
එසේ නුසුදුසුයි ස්වාමීන් වහන්ස.
තිස්ස, එම නිසා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ වූ යම් සංඥාවක් ඇත්ද? ඒ සියලු සංඥාව ‘මම නොවෙමි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවේ’ යැයි ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි.
තිස්ස, නුඹට හැඟෙන්නේ කෙසේද? සංස්කාරය නිත්‍ය වේ ද? අනිත්‍ය වේ ද?
අනිත්‍යයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම් එය දුකක් වේ ද? සැපක් වේ ද?
දුකයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් ‘එය මම වෙමි, එය මගේය, එය මගේ ආත්මය’ යි දකින්නට සුදුසු ද?
එසේ නුසුදුසුයි ස්වාමීන් වහන්ස.
තිස්ස, එම නිසා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ වූ යම් සංස්කාරයක් ඇත්ද? ඒ සියලු සංස්කාරය ‘මම නොවෙමි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවේ’ යැයි ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි.
තිස්ස, නුඹට හැඟෙන්නේ කෙසේ ද? විඥානය නිත්‍ය වේ ද? අනිත්‍ය වේ ද?
අනිත්‍යයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම් එය දුකක් වේ ද? සැපක් වේ ද?
දුකයි, ස්වාමීන් වහන්ස.
යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම් ‘එය මම වෙමි, එය මගේය, එය මගේ ආත්මය’ යි දකින්නට සුදුසුද?
එසේ නුසුදුසුයි ස්වාමීන් වහන්ස.
තිස්ස, එම නිසා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ වූ යම් විඥානයක් ඇත්ද? ඒ සියලු විඥානය ‘මම නොවෙමි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවේ’ යැයි ඇති සැටියෙන් මනා නුවණින් දැකිය යුතුයි.
තිස්ස, මෙසේ දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහි කලකිරෙයි. වේදනාව කෙරෙහි ද කලකිරෙයි. සංඥාව කෙරෙහි ද කලකිරෙයි. සංස්කාරය කෙරෙහි ද කලකිරෙයි. විඥානය කෙරෙහි ද කලකිරෙයි.
කලකිරෙන්නේ නොඇලෙයි, නොඇලෙනුයේ මිදෙයි, මිදුනේ මිදුනෙමි’ යැයි නුවණ වෙයි.
‘ජාතිය ක්ෂීණ (විනාශ) විය. කළ යුතු දෙය කර නිම වන ලදී. මතුවට කළ යුත්තක් නැත. බ්‍රහ්මචරියාව වැස නිම වන ලදී’ යි මනා නුවණින් දකියි.