Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

ස්කන්ධ කෙරෙහි ඇති ඡන්ද රාගය දුරු කිරීමෙන් ස්කන්ධ නිරෝධ වෙයි

ඡන්ද රාග සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 48 - 49)

මහණෙනි, රූපය කෙරෙහි යම් ඡන්ද රාගයක් (කැමැත්ත පැවැත්වීමක්) ඇත්නම් එය දුරු කරව. මෙසේ ඒ රූපය, සහමුලින් සිඳ දැමු මුල් ඇති මුලින් උදුරා දැමු තල් ගසක් නැවත නූපදින්නා සේ, ප්‍රහීණ වෙයි. නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයි.

මහණෙනි, වේදනාව කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම් එය දුරු කරව. මෙසේ ඒ වේදනාව, සහමුලින් සිඳ දැමු මුල් ඇති මුලින් උදුරා දැමු තල් ගසක් නැවත නූපදින්නා සේ, ප්‍රහීණ වෙයි. නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයි.

මහණෙනි, සංඥාව කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම් එය දුරු කරව. මෙසේ ඒ සංඥාව, සහමුලින් සිඳ දැමු මුල් ඇති මුලින් උදුරා දැමු තල් ගසක් නැවත නූපදින්නා සේ, ප්‍රහීණ වෙයි. නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයි.

මහණෙනි, සංස්කාරය කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම් එය දුරු කරව. මෙසේ ඒ සංස්කාරය, සහමුලින් සිඳ දැමු මුල් ඇති මුලින් උදුරා දැමු තල් ගසක් නැවත නූපදින්නා සේ, ප්‍රහීණ වෙයි. නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයි.

මහණෙනි, විඥානය කෙරෙහි යම් ඡන්ද රාගයක් ඇත්නම් එය දුරු කරව. මෙසේ ඒ විඥානය, සහමුලින් සිඳ දැමු මුල් ඇති මුලින් උදුරා දැමු තල් ගසක් නැවත නූපදින්නා සේ, ප්‍රහීණ වෙයි. නැවත නූපදින ස්වභාවය ඇත්තේ වෙයි.


බාගත ​කිරීමට