Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

ස්කන්ධයන්ගේ ඉපදීම පැවැත්ම දුකෙහි ඉපදීමයි
ස්කන්ධයන්ගේ නිරෝධය දුකෙහි නිරෝධයයි

උප්පාද සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 56 - 57)

රූපයෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපදීමක්, පහළ වීමක් ඇත්තේ ද එය දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළ වීමයි.

වේදනාවෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපදීමක්, පහළ වීමක් ඇත්තේ ද එය දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළ වීමයි.

සංඥාවෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපදීමක්, පහළ වීමක් ඇත්තේ ද එය දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළ වීමයි.

සංස්කාරයෙහි යම් ඉපදීමක්, පැවැත්මක්, නැවත ඉපදීමක්, පහළ වීමක් ඇත්තේ ද එය දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළ වීමයි.

විඥානයෙහි යම් ඉපදීමක් පැවැත්මක් නැවත ඉපදීමක් පහළ වීමක් ඇත්තේ ද එය දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයන්ගේ පහළ වීමයි.

රූපයෙහි යම් නිරෝධයක් (සමූල ඝාතනයක්) සංසිඳීමක් විනාශයට යාමක් ඇත් ද එය දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරා මරණයන්ගේ විනාශයයි.

වේදනාවෙහි යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් ඇත් ද එය දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරා මරණයන්ගේ විනාශයයි.

සංඥාවෙහි යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් ඇත් ද එය දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරා මරණයන්ගේ විනාශයයි.

සංස්කාරයන්හි යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් ඇත් ද එය දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරා මරණයන්ගේ විනාශයයි.

විඥානයෙහි යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් ඇත් ද එය දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ සංසිඳීමයි. ජරා මරණයන්ගේ විනාශයයි.


බාගත ​කිරීමට