මහණෙනි, දුක්ඛ සමුදය (දුකෙහි හටගැනීම) ද, දුක්ඛ නිරෝධය (දුකෙහි නැති වීම) ද දේශනා කරන්නෙමි. එය අසවු.
දුක්ඛ සමුදය කවරේ ද යත්,
ඇස ද නිසා රූප ද, උපදිනවා ඇස දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
කන ද නිසා ශබ්ද ද, උපදිනවා කන දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
නාසය ද නිසා ගන්ධ ද, උපදිනවා නාසය දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
දිව ද නිසා රස ද, උපදිනවා දිව දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
කය ද නිසා පහස ද, උපදිනවා කය දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
මනස ද නිසා ධර්ම ද, උපදිනවා මනස දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. මේ දුකෙහි හටගැනීමයි.
මහණෙනි, දුක්ඛ නිරෝධය කවරේ ද යත්,
ඇස ද නිසා රූප ද, උපදිනවා ඇස දැනගැනීම. මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ (ඉතිරි නැති ව) නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.
කන ද නිසා ශබ්ද ද, උපදිනවා කන දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.
නාසය ද නිසා ගන්ධ ද, උපදිනවා නාසය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.
දිව ද නිසා රස ද, උපදිනවා දිව දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.
කය ද නිසා පහස ද, උපදිනවා කය දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.
මනස ද නිසා ධර්ම ද, උපදිනවා මනස දැනගැනීම, මේ තුනෙහි එකතුව ස්පර්ශය වෙයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. ඒ තණ්හාවේ ම නිරවශේෂ නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි. භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි. ජාති නිරෝධයෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයෝ නිරෝධ වෙති. මේ සියලු දුක් රැසේ නිරෝධයයි.