වෙදකමෙහි මනා ව හික්මුණු දුකෙන් පීඩිත වූ රෝගීන්ට පිහිටවුණු වෛද්‍යවරයෙක් වාසය කළා. විපස්සී බුදු රජාණන් වහන්සේගේ උපස්ථායක වූ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ රෝගී වුණා. වෛද්‍යවරයා උන් වහන්සේට බෙහෙත් දුන්නා. ස්වාමීන් වහන්සේ නිරෝගී වුණා.
බෙහෙත් දානයේ විපාකයෙන් ඔහු කල්ප අනූඑකක් සුගතිගාමී වුණා. සක්විති රජ පදවිය ද ලැබුවා. අවසාන භවයේ ගෞතම බුදු සසුනේ පැවිදි වී රහත් බව ලැබුවා.