මුගලන් මහ තෙරුන් වහන්සේ එක් දෙව් දුවකගෙන් මෙසේ විමසූ සේක.
“පින්වත් දෙව් දුව, ඔබට සුන්දර රූපයක් තිබෙනවා. ඒ වගේ ම ඉරබටු තරුව වගේ හැම දිශාව ම බබළවමින් ඔබ ඉන්නේ. මේ වගේ සිතට ප්‍රිය උපදවන සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින් ද?
මහානුභාව ඇති දෙව් දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙ මොන වගේ පිනක් ද කළේ?”
සතුටු සිත් ඇති දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“ස්වාමීනි, මම පෙර ආත්මයේ මිනිස් දුවක් වෙලයි හිටියේ. මම සිල්වත් ශ්‍රමණයන් වහන්සේලාව දැක්කා. පැහැදුණු සිතින් ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ දෙපා වන්දනා කළා. සතුටු සිත් ඇති ව මම වැඳගෙන හිටියා.
ඒ පිනෙන් තමයි මට මේ ලස්සනත්, මේ සම්පත් සියල්ලමත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන හැම සම්පතක් ම මට පහළ වෙනවා.
මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මම කරගත්තේ. මේ දිලිසෙන පුණ්‍ය ඉර්ධිය ඒ නිසාමයි”.