Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා /

ගෞතම බුදු සසුනේ සකදාගාමි උපාසිකාවක් වූ උත්තරා
මරණින් මතු දෙව් ලොව ගොස් තමන් කළ පින්කම් ප්‍රකාශ කරයි

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, විමානවත්ථුපාළි, පීඨ වර්ගය - පිටු අංක 27 - 29)

මහා ආනුභාවයක් ඇති, ඉතාමත් අලංකාර සිරුරක් හිමි දෙව් දුවගේ සිරුරින් විහිදෙන එළියෙන් සතර දිශාව ම බබළයි. ඇය දුටු මුගලන් මහ රහතන් වහන්සේ මේ තරම් ආනුභාව සම්පන්න වීමට හේතුව කුමක්දැයි ඇයගෙන් විමසූ සේක.

ඒ පැනයට ඇය දුන් පිළිතුරයි මේ.

“මා ගිහි ගෙයි සිටිය දී ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මසුරුකම කියන දේවල් මා ලඟ තිබුණේ නැහැ. එකට එක කළේ නැහැ. ස්වාමියාට කීකරු ව වාසය කළා. මම වඩාත් මුල් තැන දුන්නේ උපෝසථ සිල් ආරක්ෂා කිරීමටයි. සතර පෝයට ම සිල් සමාදන් වුණා. පංච සීලය ආරක්ෂා කළා. චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමේ හැකියාව මට තිබුණා. මම බුදු රජාණන් වහන්සේගේ උපාසිකාවක් වුණා. ඒ වගේ ම දන් දුන්නා.

දැන් මම අත්විඳින්නේ ඒ කළ පිනයි. මට ලෙඩ දුක් නැහැ. මේ ලස්සන, සතුට හැම දේ ම ඒ පින නිසයි. පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ වචනයෙන් බුදු රජාණන් වහන්සේගේ සිරිපා වඳිනු මැනවි. මා සකදාගාමි ඵලයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේ මට වදාළා”.


බාගත ​කිරීමට