පදුමුත්තර බුදු රජාණන් වහන්සේගේ කාලයේ අහසින් ගමන් කළ හැකි තවුසෙක් වාසය කළේය. දිනක් ඔහු බුදු රජාණන් වහන්සේගේ ඉහළින් අහසේ ගමන් කිරීමට තැත් කළ ද එසේ ගමන් කළ නොහැකි ව බිමට වැටුණා.
ඒ වේලාවේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ අනිත්‍යය ඔහු ඉගෙන ගත්තා. මැරෙන මොහොතේ ඔහුට ඒ ධර්ම ශ්‍රවණය සිහි වුණා.
එහි විපාක ලෙස කල්ප තිස් දහසක් දෙව්ලොව වාසය කළේය.
පනස්එක් වරක් දෙව් ලොව රජකම ද කළේය.
සැත්තෑඑක් වරක් සක්විති රජ කම ද දැරුවේය.
අවසානයේ ගෞතම බුදු රජුන්ගේ ශාසනයේ දී අවුරුදු හතක් වැනි වයසක දී අෂ්ට විමෝක්ෂයන් සහ ෂඞ් අභිඥාවන් සහිත ව සිව්පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් වූ සේක.