වෛරෝඩි මැණික්වලින් කළ සිත්කළු දිව්‍ය විමානයක් හිමි දෙව් දුවක් සිටි අතර ඇයට නොයෙක් සෘද්ධි ප්රාතිහාර්ය පෑමේ හැකියාවකුත් තිබුණි. මේ දිව්‍යාංගනාව දුටු මුගලන් මහ රහතන් වහන්සේ මේ සැපයට හේතු වූ පින ඇයගෙන් විමසන ලදි.
ඇය පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනුයි.
“මා පෙර ජීවිතයේ මනුස්ස දුවක් වී සිටියදී, බුදු රජාණන් වහන්සේගේ සැදැහැවත් උපාසිකාවක් වූ අතර පස් පවින් වැළකී පහන් සිතින් දන් පැන් පූජා කළා. පිළිවෙලකට මහා දාන පැවැත්වූවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සන ශරීරයකුත් මේ සැප සම්පත් සියල්ලමත් ලැබුණේ”.