Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා /

පංච සීලය හොඳින් රකින්න නිතර උපෝසථ සමාදන් වන්න දන් දෙන්න
තව්තිසාවේ නන්දන උයනේ සැප විඳින්න

භද්දිත්ථිවිමානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, විමානවත්ථුපාළි, චිත්‍රලතා වර්ගය - පිටු අංක 44 - 47)

නිල් පාට, කහ පාට, කළු පාට, තැඹිලි පාට, රතු පාට ආදී නොයෙක් පාට මල් රේණුවලින් පිරුණු මදාරා මල් මාලාවක් හිසේ පැළඳ ගත් කීර්තිමත් දෙව් දුවක් තව්තිසා දෙව් ලොව සිටියාය. ඇයට මෙතරම් දිව්‍ය සම්පත් ලැබීමට හේතුව ඇය විසින් පැහැදිලි කළාය.

“මම ඒ කාලෙ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණු උපාසිකාවක්. මම සිල් රැක්කා. සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලාට සිව්පසය පූජා කළා. හතර පෝයට ම සිල් ගත්තා. සිල් පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කර ගත්තා. පන්සිල් රැක්කේ කැමැත්තෙන්මයි.

පිඬුසිඟා වැඩිය දෑගසව්වන් වහන්සේලාට සාදරයෙන් දන් පැන් පූජා කළා. ඒ කර ගත් පින් නිසා මිනිස් ලොවෙන් චුත වෙලා නන්දන වනයේ පහළ වුණා. මගේ සිරුරෙන් රශ්මිය විහිදෙනවා”.


බාගත ​කිරීමට