සෑම දිශාව ම බබුළුවමින් ඉරබටු තරුව සේ සිටින ඉතා රූමත් දෙව් දුවක් දුටු මුගලන් තෙරුන් වහන්සේ එතරම් ආනුභාවයක් ඇයට ලැබීමට හේතුව විමසූ සේක.
දෙව් දුව සතුටින් මෙසේ පැවසුවාය.
“මම ඉහත ආත්මයේ මනුස්ස දුවක් වෙලා සිටියා. මාමණ්ඩියගේ ගෙදර ලේලිය ලෙසයි වාසය කළේ.
දිනක් මා දුටුවා ඉතා ශාන්ත, කෙලෙසුන්ගෙන් තොර වූ ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ගැන පැහැදුණු මම ධාන්‍ය වලින් පිසූ පිට්ටුවකින් භාගයක් සියතින් ම පූජා කළා.
ඒ පිනෙන් තමයි මේ සිරුරේ පැහැය සහ මන වඩන සියලු සැප සම්පත් ලැබුණේ. එසේ ම අද මේ නන්දන වනයේ සතුටු සිතින් වාසය කරන්නේ”.