Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

සංඝයාට බෙහෙත් පූජා කිරීමෙන්
නිවන තෙක් ලැබෙන විපාක මෙසේය

පිළින්දිවච්ඡ ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 572 - 573)

පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට බෙහෙත් පූජා කළ හංසවතී නුවර වාසය කළ දොරටුපාලයෙකුට එතැන් සිට නිවන් දකින තුරු උපන් හැම භවයක ම මෙම ආනිසංස ලැබුණා.

  • දීර්ඝායුෂ ලැබුවා.
  • බල ඇත්තෙක් වුණා.
  • වීරත්වයෙන් යුතු වුණා.
  • සිවි වර්ණය ලැබුණා.
  • කීර්තිමත් අයෙක් වුණා.
  • සැප ලැබුවා.
  • උවදුරු ඇති වුණේ නැහැ.
  • විපත් වලින් මිදුණා.
  • අන් අයගෙන් පුද පූජා ලැබුවා.
  • කැමති අයගෙන් වෙන් වීමේ දුක ලැබුවේ නැහැ.

අවසන් භවයේ දී ගෞතම බුදු සසුනේ පැවිදි ව සියලු කෙලෙසුන් නසා නිවනින් සැනසුණා.


බාගත ​කිරීමට