ඉතා අලංකාර රූපයක් ඇති, ඕසධී තාරකාව මෙන් බබළන දිව්‍යාංගනාවක් වාසය කළාය. ඇය දුටු මුගලන් තෙරුන් වහන්සේ මේ තරම් ආනුභාවයක් ලැබෙන්න හේතු වූ පින කුමක් දැයි විමසූ සේක.
දෙව් දුව ඉතා ම සතුටින් මෙසේ ප්‍රකාශ කළාය.
“මම මනුස්ස ලෝකයේ සිටියදී එක්තරා නිවසක ලේලියක් වී සිටියා. දිනක් නොකැළඹුණු සිත් ඇති ප්‍රසන්න ස්වාමීන් වහන්සේ නමක් දුටුවා. උන් වහන්සේ ගැන පැහැදුණු මම මගේ අතින් ම කැවුමක් පූජා කළා. මට ලැබුණු කොටසින් භාගයක් උන් වහන්සේට පූජා කිරීමේ පිනෙන් තමයි මට මේ සැප සම්පත් සියල්ල ලැබුණේ”.