Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

සිල්වත් බ්‍රහ්මචාරීන්ට දන් දී දෙවියන්ට පින් දීමෙන්
සැම කල්හි යහපත ම සැලසෙයි

භේසජ්ජක්ඛන්ධකය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 2 - පිටු අංක 576 - 577)

යම් පෙදෙසක ප්‍රඥාවන්ත වූවෙක් වාසය කරන්නේ නම් එම ප්‍රදේශයේ සිටින සිල්වත්, හික්මුණු, බ්‍රහ්මචාරීන් වහන්සේලා වෙනුවෙන් දන් දී ඒ දන් වළඳවා එම ප්‍රදේශයේ සිටින යම් දේවතාවෝ වෙත් ද ඔවුන්ට පින් දෙන්නේය. මෙසේ පුදන ලද දෙවියෝ ඔහුව ද පුදති. ගෞරව ලැබූ දෙවියෝ ඔහුට ද ගෞරව කරති.

එතැන් සිට යම් මවක් තම කුසෙන් උපන් පුතුට අනුකම්පා කරන්නේ යම් සේ ද එසේ ම ඒ දෙවියෝ අනුකම්පා කරති. මෙසේ දෙවියන්ගේ අනුකම්පාව, කරුණාව ලද පුද්ගලයා සැම කල්හි ම යහපත දකියි.


බාගත ​කිරීමට