Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

පැහැදුණු ශ්‍රද්ධාවන්තයා හඳුනා ගනිමු

චූල වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 272 - 273)

කරුණු තුනකින් පහන් වූ ශ්‍රද්ධාවන්ත පුද්ගලයා දත යුතුය. කවර තුනකින් ද යත්,

  1. සිල්වතුන් දක්නට කැමති වෙයි.
  2. සද්ධර්මය ඇසීමට කැමති වෙයි.
  3. පහ වූ මසුරු මල ඇති සිතෙන් යුතු ව දන් දීමෙන් පිරිසිදු කරන ලද අත් ඇත්තේ, දන් දීමෙහි ඇලුනේ, ඉල්වීමට යොග්‍යයෙක් වූයේ, දාන සංවිභාගයේ (බෙදා දී වැළඳී‍මේ) ඇලී ගිහි ගෙයි වසන්නෙක් වෙයි.

මේ තුන් කරුණෙන් යුතු තැනැත්තා පැහැදුණු ශ්‍රද්ධාවන්තයෙක් යැයි දත යුතුය.


බාගත ​කිරීමට