කැලයට ගොස් ලීයක් කපා සැරයටියක් සකසා ගත් අයෙක් එය මනා පැවතුම් ඇති සංඝ රත්නයට පූජා කර සිතේ ප්‍රසාදය ඇති කර ගත්තා.
මේ සැරයටි දානයේ විපාකය ලෙස ඔහු කල්ප අනූ හතරක් ඉපදුණේ සුගතියේ ම පමණි. අවසන් භවයේ දී අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ පැවිදි ව සිව්පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් ව සසරින් එතෙර වූහ.