Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

මසුරු අනුන්ට නින්දා අපහාස කරන
අනුන් දෙන දානයන් වළක්වන්නා
මෙලොව දී සහ පරලොව දී දුකට ම පත් වෙයි

මච්ඡරිය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1 - පිටු අංක 60 - 63)

දැඩි මසුරු වූ, නින්දා අපහාස කරන, අනුන් දෙන දානයන් වළක්වන, දැඩි ලෝභයෙන් යුතු පුද්ගලයෝ මරණින් මතු නිරයට හෝ තිරිසන් යෝනියට පැමිණෙති.

ඉදින් යම් හෙයකින් නැවත මිනිස් ලොව උපදියි නම් ආහාර පාන, කාම සම්පත්, සතුටු විය හැකි ක්‍රීඩා ආදිය දුක සේ අපහසුවෙන් ලබා ගත හැකි දිළිඳු කුලයක උපදියි.

මේ ජීවිතයේ දී මේ අනුවණයෝ අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වේ ද එය ද ඔවුන්ට නොලැබෙති. මරණින් මතු දුගතියේ ද උපදිති.


බාගත ​කිරීමට